අන්තවාදයට යට කළ කල්මුණේ දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තවත් භික්ෂූන් 10 නමක් උපවාසයට!

June 21, 2019 at 6:26 pm | by emanisa.lk

කල්මුණේ සුභද්‍රාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති රන්මුතුගල සංඝරතන හිමියන්, ප්‍රජා නායකයින් සහ දෙමළ වැසියන් පිරිසක් එක්ව සිදුකරන මාරාන්තික උපවාසයට සහය පළකරමින් අද (21) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්වහන්සේලා 10 නමක්ද ඊට එක්වූහ.

කල්මුණේ දකුණ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් කරන ලෙස ඉල්ලා දෙමළ ජනතාව මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ. කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසර 19ක් තිස්සේ ක්‍රියාත්මක වුවද වසර 31 තිස්සේ ක්‍රිියාත්මක වන කල්මුණේ දකුණ තවමත් උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස පවතින්නේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම නිසාය. අම්පාර සහ තිරිකුණාමල ජනතාව සිය වෙළෙඳසැල් වසා ඊයේ විරෝධතා කළහ.

මෙම උපවාසයට පොළොන්නරුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, දිඹුලාගල රාහුලාලංකාර, පුලතිසි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පැලෑටියාවේ දේවමිත්තාලංකාර හිමි ඇතුළු 10 නමක් එක්ව උපවාසයේ නිරතව සිටි සියල්ලන්ට පිරිත් සජ්ඣායනා කළහ.

මාරාන්තික උපවාසයේ නිරතව සිටින රන්මුතුගල සංඝරතන හිමියෝ මාධ්‍යයට මෙසේ පැවසූහ.

“ඉදිරි පැය කිහිපය තුළ තම ඉල්ලීම්වලට රජය විසදුම් ලබානොදුන්නොත් රට පුරා දමිළ ජනතාව එක්ව ස්වදේශ කටයුතු අමාත්‍යංශය වටලනවා. ඒ වගේම සිංහල – දමිළ ජනයා උද්ඝෝෂණ සහ උපවස ආරම්භ කරනවා. අද කල්මුණේ – මඩකලපුව මුස්ලිම් අන්තවාදීන්ගේ අයිතීන් ආරක්ෂා වෙනවා. නමුත් දෙමළ ජනයාගේ අයිතීන් දිගින් දිගටම උල්ලංඝනය වෙනවා. මේ ගැන රජය නිහඬයි. ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස