අන්තර්වාර ආණ්ඩු සාකච්ඡා බිඳ වැටෙන ලකුණු…! ඇමැතිවරු දෙදෙනෙක් නෙරපන්නැයි ශ්‍රීලනිපයෙන් කොන්දේසී…!

April 28, 2022 at 12:05 pm | by emanisa.lk

සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍ය ධූරවලින් පහ කරන තුරු අන්තර්වාර පාලනයක් සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා නොකිරීමට ශ්‍රීලනිපය තීන්දු කරයි.

මේ පිළිබඳ ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 10 සහ සෙසු කණ්ඩායම් සමග ද සාකච්ඡා කරන බවයි, ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින අතරතුරු ශ්‍රීලනිපය නියෝජනය කරන දෙදෙනෙකුට අමාත්‍ය ධූර ලබා දීම අවම සදාචාරය පවා නොතකා ගත් තීන්දුවක් බව ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *