අනවශ්‍ය බියක් ඇති කර‍ගන්න ඕන නෑ! ගෙවල්වල බඩු තොග රැස්කරගන්න එපා! හදිසි තත්ත්වයක් එනවා නම් ජනතාව දැනුම්වත් කරනවා! – හමුදාපති (video)

March 12, 2020 at 10:50 pm | by emanisa.lk

ජනතාව අනවශ්‍ය කලබලයක් ඇති කරගෙන වෙළෙඳසැල් වෙත ගොස් භාණ්ඩ රැස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ නිසා රටේ අනවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වන බවත් ඒ නිසා සමස්ත ජනතාව අපහසුතාවට පත්වන බවත් හමුදාපතිවරයා පෙන්වා දෙයි.

ඉතාලියේ මෙන් නිවාස මට්ටමින් නිරෝධායන කටයුතු කිරීමේ තත්ත්වයක් රටේ නොමැති බවත් රටේ හදිසි තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ පිළිබඳ ජනතාව වහාම දැනුම්වත් කිරීමට රජය පියවර ගන්නා බවත් හමුදාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස