අධිවේගයේ හොර රංචුව තවමත් එම පුටුවලම සේවයේ..!

July 12, 2024 at 9:07 am | by emanisa.lk

අධිවේගී මාර්ගයේ සේවය කරන අතර මුදල් අක්‍රමිතා සිදු කළ බව විමර්ශනවලදී අනාවරණය වූ මුදල් අයකැමිවරුන් දස දෙනකු පමණ තවමත් එම ස්ථානවලම සේවය කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

2020/2023 වසරවල පින්නදුව, කඩවත, ජා ඇල හා කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල එම මුදල් අයකැමිවරුන් සේවය කරමින් සිටියදී මෙම විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ වූ බව විමර්ශනවලදී පැහැදිලි සාධක සමඟ අනාවරණය වී තිබේ. එහෙත් එවක බලධාරීන් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන නොතිබිණි.

මේ අතර අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් වංචාවේ යෙදුණු අය කැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කිරීමට කෝප් කමිටුවේ නිර්දේශත් සමඟ වර්තමාන බලධාරීන් දින කීපයක් තුළදී කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *