අධිවේගයේ දැවැන්ත වංචාවක්… සේවකයන් 22කගේ වැඩ තහනම්….!

June 26, 2024 at 10:03 am | by emanisa.lk

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂක ජනරාල් එස්. පි. එම්. සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ එම හුවමාරුවේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව නිසා මෙම තීන්දුව ගෙන ඇති බවයි.

2020 වසරේ රටේ විදුලි අර්බුදය හමුවේ විදුලිය පැවති අවස්ථාවේ හා ඉන් අනතුරුව විදුලි සැපයුම් වයර් කපා ආරක්ෂිත කැමරා අක්‍රිය කොට පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කරගෙන ඉතා කූට අන්දමින් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.‍

2024 ජනවාරි මස අගභාගයේ දින කීපයක් තුළ ආරක්ෂිත කැමරා අක්‍රිය කිරීමෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක මුදලක් වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *