අලුත් අවුරුදු උදාව සමග පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇත.
පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවල පමණක් අධිවේගී මාර්ගයේ වාහන 387000ක් ධාවනය කර ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය ප්‍රකාශ කරයි.
පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් 102378,800ක ආදායමක් උපයා තිබිණි.
පසුගිය 11 සහ 12 දිනවල අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන 297,736කින් එම ආදායම උපයා ගැනීමට හැකිව ඇත.