අධිවේගයේ කොට්ටාව පිවිසුම වසයි…! රියදුරන් සිය ගණනක් අනාථයි…!

May 3, 2021 at 2:30 pm | by emanisa.lk

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම හදිසියේ වසා දැමීම නිසා අද පෙරවරුවේ කහතුඩුව පිටවීමේ දොරටුව අසල දැඩි වාහන තද බදයක් පැවැතිණි.

කහතුඩුව ආසන්නයේ කොට්ටාව දෙසට මාර්ගය වසා සියලු වාහන කහතුඩුවෙන් පිට කිරීමට කටයුතු කිරීම නිසා රියැදුරන් දැඩි අපහසුතාවට පත් විය.

පසුව වාහන රියැදුරන්ගේ දැඩි විරෝධය හමුවේ නැවත මාර්ග බාධක ඉවත්කර පෙර පරිදි කොට්ටාවෙන් පිටවීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *