අධික හඬ නංවන බස් නළා අල්ලන සුපිරි මෙහෙයුමක්! සමාජජාලාවල පොලිසියට ප්‍රශංසා! (video)

March 12, 2019 at 8:20 am | by admin

මගී ජනතාවට පදිකයන්ට මෙන්ම සෙසු වාහන රියදුරන්ට ද මහත් හිරිහැරයක් බවට පත්ව ඇති පෞද්ගලික බස් රථවල අධික හඬ නංවන නළා සොයා නීති මගින් කටයුතු කිරීමේ මෙහෙයුමක් පසුගියදා අනුරාධපුර පොලිසිය ක්‍රියාත්මක කළේය.

මෙම මෙහෙයුමේ දී ඇතැම් බස් රථවලට අදාළ නිෂ්පාදන සමාගම මගින් සවි කරන නළාවට අමතරව නළා 5-6 සවි කර ඇති බව අනාවරණය විය. මෙම බස් රථවලට මෙන්ම ඒවා පැද වූ රියදුරන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිිසිය කටයුතු කළේය.

එසේම බස් රථවල සවි කර ඇති අධික හඬ නිකුත් කරන කැසට් සීඩි රූපවාහිනි යන්ත්‍රවලට එරෙහිව ද පැමිණිලි ලැබී ඇතැයි පැවසූ පොලිසිය ජනතාව බස් රථවලට නඟින්නේ එම කන්දොස්කිරියාවට සවන්දීමට නොවන බව ද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

පොලිසිය ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම සමාජජාලාවල බොහෝ පැසසුමට ලක්ව තිබේ. බස් රථවල මෙන්ම ත්‍රීරෝද රථවල ද නළා මෙන්ම සීඩි යන්ත්‍ර ගලවා දැමිය යුතු බව බොහෝ දෙනාගේ අදහසය. එය මගී ජනතාවට මහත් ඉසරදයක් බවට පත්ව ඇති බව එම අදහස්වලින් තහවුරු වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස