අධ්‍යාපන ඇමති අකිල පාසලේ පන්සිල් කපලා! දොරමඩලාවේ භික්ෂුවකට හිමි වූ මුලසුන හිස් කරලා! ආණ්ඩුව සහජීවනය කියන්නේ අපේ උරුමය අතහැරීමටයි! – අත්තනායක එම්. හේරත් (video)

October 2, 2019 at 9:11 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව ආගමික සහජීවනය යනුවෙන් අදහස් කරන්නේ බෞද්ධ අපේ උරුමය අතහැරීම බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් පවසයි.

1815 ගිවිසුමේ 05 වෙනි වගන්තිය සුද්දා කැඩුවත් ඔවුන් අපේ උරුමය වන දළදා මාළිගාවට අත නොතැබූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෑතක දී අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පැමිණි පාසල් උත්සවයක කාලය නාස්ති වන බව පවසමින් පන්සිල් කපා දැමීමට උත්සාහ කළ බවත් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සේවය කළ භික්ෂූන් වහන්සේට බලහත්කාරයෙන් පන්සිල් දීමට සිදු වූ බවත් ආචාර්යවරයා හෙළි කළේය.

පන්සිල් සමාදම් වීමට ගතවන්නේ විනාඩි 05ක් වුවද අදාළ උත්සවයට ඇමතිවරයා පැමිණියේ නියමිත වෙලාවට පැයක් ප්‍රමාද වී බවත් භික්ෂූන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් ඇමතිවරයා එනතුරු පැයක් බලා සිටි බවත් ඔහු සඳහන් කළේය.

එසේම කොළම රාජකීය විද්‍යාලයේ පන්සිල් ගැනීම තහනම් කර ඇති බව ද හෙතෙම හෙළි කරයි. එපමණක් නොව දශක ගණනාවක් තිස්සේ භික්ෂූන් වහන්සේ නමකට හිමි වූ ස්වාධීන රූපවාහිනියේ මුලසුන මේ වන විට හිස් කර ඇති බවත් ඒ අසුන ගිහියකුට හිමිව ඇති බවත් ඔහු පවසයි. මෙමගින් පැහැදිලි වන්නේ බුදු දහමට රාජ්‍ය මට්ටමින් වෙනස්කම් කරන ආකාරය බවත් මෙම තත්ත්වය දරා ගැනීමේ සීමාවත් තමන්ට ද ඇති බවත් ඔහු අවධාරණය කරයි.

මේ රට වසර දහස් ගණනක් තිස්සේ ආරක්ෂා කළේ භික්ෂුව බවත් රටේ ජාතික කොඩිය කහ පැහැ වූයේ වාරියපොළ සුමංගල හිමි නිසා බවත් සඳහන් කළ අත්තනායක එම්. හේරත් මේ රටේ ජාතික කොඩිය එසවීමේ අයිතිය ඇත්තේ භික්ෂූවකට හෝ රණ විරුවකුට පමණක් බව ද සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස