අද phone එක අන්ඩර්වෙයාර් එකටත් වඩා අත්‍යවශ්‍යයයි…! රජයේ ප්‍රතිපත්තිය නිසා කුඩා සමාගම් හාන්සියි…! දුරකතන හිඟයක් අනිවාර්යයි….! – ලංකා ඇපල් දුරකතන නියෝජිත…

September 12, 2021 at 7:11 am | by emanisa.lk

ආණ්ඩුව පනවා ඇති නව නීති රීති සමග ජංගම දුරකතන ‌හිඟයක් මතු වීම නොවැළැක්විය හැකි බවත්, ඒ හරහා ජංගම දුරකතන මිල විශාල වශයෙන් ඉහළ යා හැකි බවත් ‌ඇපල් සහ එම්.අයි. ජංගම දුරකතන ලංකාවට ගෙන්වා බෙදාහරින එකම නියෝජිතයා වන ‘ජෙනෙක්ස්ට්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණරත්න පවසයි.

ඔහු පෙන්වා දුන්නේ ණයවර ලිපි විවෘත කිරීම සඳහා බැංකුවලට ගිය ද ආණ්ඩුව කියන මිල ගණන්වලට ඩොලර් නොමැති බවකි.

ඒ හේතුව මත ඉදිරියේදී නියත වශයෙන්ම ජංගම දුරකතන හිගයක් සහ මිල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම පවතින තත්ත්වය යට‌තේ මහා පරිමාණ ආයතන කිහිපයක් පමණක් ඉතිරිව කුඩා පරිමාණ සමාගම් සියල්ල වැසී යනු ඇති බව ද රජීව් ගණරත්න වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *