අද සිට රට පුරා සියලු විහාරස්ථානවල සත්‍යක්‍රියා සහ ආශීර්වාද පූජා සතියක්! ජනතාවට නිවසේ සිට සම්බන්ධ වන්නැයි උපදෙස්!

April 1, 2020 at 9:27 am | by emanisa.lk

සියලු රට වැසියන්ට සහ ලෝකවාසීන්ට සෙත් පතා දිවයිනේ සියලු විහාරස්ථානවල අද (01) සිට දින 7 ක්, රාත්‍රී 7 සිට 8 දක්වා කාලය තුළ ආශිර්වාද පූජා පැවැත්වේ.

ඒ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කළ දැනුම්දීමකට අනුවයි.

අදාළ කාල සීමාව තුළ සියලු විහාරස්ථාවල ඝාණ්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කළ යුතු වේ.

අනතුරුව බුද්ධ වන්දනාව සිදුකර රතන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කර රටවැසියන්ට සහ ලෝකවාසීන්ට නීරෝගීභාවය මෙන්ම ජීවිතාරක්ෂාව පතා සත්‍යක්‍රියා සිදුකළ යුතුය.

එකම වේලාවකට ආරම්භ කරන ආශිර්වාද පූජා, එකම වේලාවකට අවසන් කර රාත්‍රී 7.55 පමණ වන විට සත්‍යක්‍රියාව සිදුකළ යුතු වේ.

එම සත්‍ය ක්‍රියාව විශාල අධ්‍යාත්මික බලයක් වී ඉන් රටවැසියන්ට මෙන් ම ලෝකවාසීන්ට යහපතක් වන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පෙන්වා දෙති.

රජය ලබාදෙන උපදෙස් පිළිපදිමින් නීතිගරුකව, නිවෙස්වල සිට එම උතුම් ක්‍රියාව හා සම්බන්ධ වන්නැයි උන්වහන්සේලා ජනතාවට දැනුම් දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස