අද රට කරවන්නේ ඩොලර් කාක්කනට උවමනා විදිහටයි!

February 27, 2019 at 10:34 am | by admin

ව්‍යවස්ථාදායක සභාව සහ කොමිෂන් සභා ඇතුළු ආණ්ඩුවේ සියලු කටයුතු සිදුවන්නේ උපන් බිමේ උරුමකරුවන්ට ගැලපෙන ලෙස නොව බටහිර ඩොලර් කාක්කන්ට උවමනා අන්දමින් යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

ආණ්ඩුවේ පැවැත්ම සීඝ්‍රයෙන් ගෙවී යන බවත් පහනක් නිවෙන්නට යද්දී දැල්ල වැඩියෙන් නටනවා, යන යකා කොරහත් බිඳගෙන යනවා වැනි කියමන් කියන්නේ මේ වැනි තත්ත්වයන් සඳහා බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

නීත්‍යානුකූල නොවන කැබිනට් පත‍්‍රිකා සම්මත කරගෙන ටෙන්ඩර් ප‍්‍රදානය කරන තත්ත්වයට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් කැබිනට් මණ්ඩලය පත්ව ඇතැයි ඇතැයි ද එය අපේ රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වීමට හේතු වී ඇතැයි ද අවධාරණය කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *