අද රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නෑ! ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබ්බා නම් පොලිසිය ළඟ බැරැක්ක තියෙන්න ඕන! – ජවිපෙ

July 8, 2019 at 9:37 pm | by emanisa.lk

අද මේ රටේ ප්‍රමුඛ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නොමැති බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

හමුදා කඳවුර පොලිසිය ළඟ බැරැක්ක නොමැති බවත් පාසල සහ රෝහල අසල බැරැක්ක ඇති බවත් පැවසූ අනුර දිසානායක ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇත්නම් බැරැක්ක ආ යුත්තේ පොලිසිය සහ හමුදා කඳවුරු අසලට බව සඳහන් කළේය.

රටේ ආාරක්ෂාව පිළිබඳ තර්ජනය ඇත්තේ මහ ජනතාවට බවත් ජනතාවගේ ආරක්ෂාව බිඳ වැටී ඇති බවත් එයට හේතුව එක් එක් ජන කොටස් අතර සැකය අවිශ්වාසය ක්‍රෝධය වෛරය වැඩි වීම බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ජවිපෙ නායකයා මෙම අදහස් ප්‍රකාශ කළේ විශ්වාසයභංග කරන ආණ්ඩුව ගෙදර යවන වීදි පිරෙන පාද සටන නම් විරෝධතාවේ අවසන් රැළියට නුගේගොඩ දී එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස