අද රටට තියෙන ලොකුම තර්ජනය ත්‍රස්තවාදය නෙමේ, එක්තරා දේශපාලන කණ්ඩායමක්! – ඇමති මංගල

May 15, 2019 at 8:13 am | by admin

අද වන විට රටට ලොකුම තර්ජනය එල්ල වී ඇත්තේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් නොව, එක්තරා දේශාපාලන කණ්ඩායමකින් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද (14) කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අද වන විට ලෝකයේ සෑම රටක්ම මුහුණ පා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

රජයක් ලෙස අඩුපාඩු පැවතියත් අද වන විට ඒ සියල්ල මඟ හරවා ගනිමින් රටටම ආරක්ෂාව ලබා දීමට සුදානම් බව පැවසු අමාත්‍යවරයා, අවාසනාවන්ත ලෙස දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන අය යළිත් කළු ජූලියක් ඇති කරන්නට කටයුතු කරන බව ද පැවසීය.

මේ රටේ සිංහල බෞද්ධයන් බහුතරයක් සිටිය පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් නොවන බව තව වතාවක් කියන බව ද පැවසු අමාත්‍යවරයා ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ජනතාව ලාංකිකයින් බවත් ඔවුන් සියලු දෙනා පළමු පන්තියේ එක හා සමානයි පුරවැසියන් බවත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස