අද මැදියම් රෑ පාර්ලිමේන්තුව විසිරුවා හරියි! පක්ෂ විපක්ෂ මන්ත්‍රී 68කට විශ්‍රාම වැටුප් අහිමියි!

March 2, 2020 at 8:38 am | by emanisa.lk

අද (02) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් බවත් ඒ අනුව මන්ත්‍රීරුන් 68 දෙනෙකුට සිය විශ්‍රාම වැටුප අහිමි වෙනු ඇති බවත් වාර්තා වෙයි.

ඒ වසර පහක නිල කාලයක් සපුරා නොතීබිම හේතුවෙනි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 36 දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 21දෙනෙකුට, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 06 දෙනෙකුට සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුට සිය විශ්‍රාම වැටුප අහිමි වනු ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වෙයි.

19 වන ආණ්ඩුක්‍රම ව්යිවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ඉක්ම ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

ඒ අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේනතුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස