අද (01) දිවයිනේ පාසල් දසදහසකට අධික ප්‍රමාණයක් ඉදිරිපිට කළු කොඩි ප්‍රදර්ශනය කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
එසේම හෙට (02) දිවයිනේ සෑම පාසලක් ඉදිරිපිටම පස්වරු 2.00ට ගුරුවරුන් හා දෙමාපියන් සමග එක්ව උද්පෝෂණ පවත්වන බව ද හෙතෙම කීය.
ගුරු –විදුහල්පතිවරුන්ට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම, ආණ්ඩුව ගෙනයන මර්දන ක්‍රියාපිළිවෙත හා දෙමාපියන්ට බර පටවමින් ආණ්ඩුව කරන හිරිහැර හා ගුරු-විදුහල්පති ගැටලු නොවිසඳීම යන කාරණාවලට විරෝධය පා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.