අද පත්වූ අලුත් ආණ්ඩුකාරවරු 6 දෙනා මෙන්න!

November 21, 2019 at 10:37 am | by emanisa.lk

පළාත් හයක් (06) සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස වෛද්‍ය සීතා අරඹේපොල, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලලිත් යූ ගමගේ, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලි ගමගේ, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසම්මිල් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව ජනාධිපතිවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දී තිබේ.

මෙයට පෙර බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධුරයට සිංහලයකු පත්වී ඇත්තේ එකම වාරයක් පමණි. ඒ් 2018 වසරේ මාස කිහිපයක් බස්නාහිර ආණ්ඩුකාර ධුරය දැරූ හේමකුමාර නානායක්කාරය.

මේ අතර ගෙවිඳු කුමාරතුංග වෙත පිරිනැමූ ආණ්ඩුකාර ධුරය ඔහු කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ් වෙනුවට අනුරාධා යහම්පත් පත්කරනු ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස