අද ලෙඩ වෙන ගුරු සංගම් මෙන්න!

March 13, 2019 at 7:16 am | by admin

පාසල් අධ්‍යාපනයේදී ගුරුවරු හා විදුහල්පතිවරු මුහණ දෙන දුෂ්කරතා මුල්කරගෙන අද (13) අසනීප නිවාඩු දමමින් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන්නට තීරණය කර ඇති ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති මෙසේය. මේ නිසා අද දින පාසල්වල අධ්‍යාපන කටයුතු බිඳ වැටෙනු ඇති අතර බොහෝ සිසුන් පාසල් නොයවා සිටීමට දෙමාපියන් කටයුතු කරමින් ඇත.

වැටුප් විෂමතාවය ඉවත්කිරීම,ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම, දෙමාපියන්ගෙන් මුදල් එකතුකිරීම වහා නැවතිවීම, අධයාපනය සදහා  06% ක් වෙන්කර ගැනීම සහ 29 දින ගුරු විරෝධතාවයට එල්ලකල පොලිස් ප්‍රහාරයට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම විරෝධතාව පවත්වන බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

මෙම විරෝධතාව සඳහා සම්බන්ධ වන විදුහල්පති සහ ගුරු සංගම් මෙසේය.

ලංකා ගුරු සංගමය
ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
නිදහස් ලංකා පුරෝගාමී ගුරු සංගමය
ලංකා ප්‍රගති ගුරු සංගමය
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය
ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය
ගුරු විමුක්ති පෙරමුණ
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය
ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය
ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය
සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය
ලංකා ගෘහ විද්‍යා හා ඩිප්ලෝමාධාරී ගුරු සංගමය
ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය
ලංකා ගුරුසේවා සංගමය
විදුහල්පති සේවා සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය
ශ්‍රි ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය
පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංගමය
කතෝලික ගුරු සංගමය
පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය
ලංකා ස්වාධීන ගුරු සංගමය
පිරිවෙන් ගුරු සේවා සංගමය,
සමස්ත ලංකා ගුරු උපාධිධාරී සංගමය
විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය
විදුහල්පති සංගමය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *