අද කැබිනට් ඇමැතිවරුත් රබර් මුද්‍රා බවට පත්වෙලා….! ඇමැතිකම් බෙදා ගැනීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නෑ…..! – රාජ්‍ය ඇමැතිගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්….

July 1, 2021 at 9:37 pm | by emanisa.lk

වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

රට තුළ පවතින අර්බුදය තේරුම් නොගෙන ඇමතිකම් බෙදාගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කවුරු පාර්ලිමේන්තු ආවත් කවුරු ඇමති වුණත් ප්‍රශ්න එසේම තිබෙන බව කී දයාසිරි ජයසේකර බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බව කීවේය.

රට තුළ පවතින ක්‍රමයේ ගැටලුවක් තිබෙන බව කී දයාසිරි ජයසේකර එම තත්වය නිවැරදිව කළ යුතු බව ද අවධාරණය කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අද (1) අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස