අද උදේ 8 සිට රට පුරා වෛද්‍ය වර්ජනයක්!

August 22, 2019 at 8:41 am | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු අටේ සිට පැය 24 ක වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ වැඩපිළිවෙෙළට සහ ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන්ගේ කටයුතුවලට එරෙහිව ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයට විරෝධය දැක්වීම මෙම වර්ජනයේ අරමුණ බවය.

මෙම වර්ජනය පැය 24ක් ක්‍රියාත්මක කිරීමට දැනට සැලසුම් කර ඇති අතර රෝගීන්ට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන බවත් ඕනෑම මොහොතක සිය විධායක සභාව මෙම වර්ජනය අඛණ්ඩ වර්ජනයක් බවට පත් කිරීමේ බරපතළ තීන්දුව ගත හැකි බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස