අද අකුරට වැඩ කරලා වරායේ ආදායමින් 75%ක් රටට අහිමි කළා…! හෙට වරායේ ආදායම 100%ම නැති කරනවා..! – ප්‍රසන්න කළුතරගේ…

March 14, 2023 at 3:47 pm | by emanisa.lk

අද දින ක්‍රියාත්මක කරන අකුරට වැඩ කිරීමේ විරෝධතාව නිසා වරායේ දෛනික කටයුතු 25%කට සීමා වී ඇතැයි වරාය – ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ පවසයි.

මේ නිසා ශ්‍රී ලංකා රේගුවෙන් සහ වරායෙන් රටට ලැබෙන ආදායම 75%ක් පමණ අහිමි වී ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

හෙට දින සමස්ත වැඩ වර්ජනයට ගියහොත් ආණ්ඩුවට අතිවිශාල පාඩුවක් සිදුවන බවත් ගැටලු සඳහා විසඳුම් නොදී ආණ්ඩුව තමන් වර්ජනයකට තල්ලු කර දමා ඇති බවත් ප්‍රසන්න කළුතරගේ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *