අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කරන්න සූදානම්!

May 11, 2020 at 7:56 am | by emanisa.lk

සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පාසලට ඇතුළු වන විට සෑම දරුවකුගේම ශරීරයේ උෂ්ණත්වය මැනීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා මාර්ග රැසක් ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාතර දී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මෙසේද සඳහන් කළේය.

“11 වැනිදා පාසල් ආරම්භ කිරීමට සැලසුම් සකස් කළත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අපිට එය කරන්න නොහැකි වුණා.ඉදිරියේදී වුවත් පාසල් ආරම්භ කරන්නේ සෞඛ්‍ය අංශයේ නර්දේශය මත පමණයි. ඒ තීරණය ගන්නේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස මා හෝ අධ්‍යාපන අමාත්‍යාංශය නොවෙයි. ඒක දේශපාලන තීරණයකුත් නොවෙයි.

සෞඛ්‍ය නිර්දේශය මත වුවත් අදියර හතරක් යටතේයි පාසල් විවෘත කරන්නේ.පාසල් ආරම්භ කරන්න පෙර දිවයිනේ සෑම පාසලක්ම ජීවානූහරණය කිරීමට පලාත් පාලන ආයතන කටයුතු කරනවා.

සෞඛ්‍ය නිර්දේශ මත පාසල් විවෘත කිරීමට දිනය ප්‍රකාශ කල පසු පළමුව අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසල් වලට කැදවනවා.ඉන් අනතුරුව උසස් පෙල හා සාමාන්‍ය පෙළ දරුවන්ට පාසල් ආරම්භ කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස