අදත් රෝගීන් 175ක් පූර්ණ සුවය ලබයි! සුවපත් ප්‍රතිශතය 82%කට කිට්ටුයි! තවමත් රෝහලේ 498යි!

July 28, 2020 at 3:53 pm | by emanisa.lk

අද (28) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පිරිස 2296ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (27) දිනයේ වාර්තා වූ නව රෝගීන් 23 දෙනාත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2805ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව මේ වන විට රෝගීන් 498 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කළ රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඊයේ පස්වරුවේ ඉවත් කර තිබේ.

ඒ අනුව සිරිමාපුර, යාය එක ගම්මානයේ කොටසක සහ යාය දෙක ගම්මානයේ කොටසක මෙලෙස සංචරණ සීමා ඉවත් කර ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස