අදත් ආසාදිතයන් 40කට සුවයි! පූර්ණ සුවය ලද මුළු පිරිස 660යි!

May 23, 2020 at 2:44 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 40 දෙනෙකු  සුව වී  අද (23) දිනයේදී  රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 660කි.

ඊයේ (22) රාත්‍රිය වන විට ආසාදිතයන් ගණන 1068ක් බවට පත් වී තිබිණි.

කෙසේ වෙතත්,  අද දිනයේදී මේ වන තෙක් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස