ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂ කිසිවක් හෝ එළවා ගැනීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන ජයග්‍රහණයක් නැතිය යන්න තම පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
“අපි ඊයෙ අපේ පක්ෂයේ නායකත්වයට කිව්වෙත් කිසි කෙනෙක් අපි ගහලා යවන්න ලෑස්ති වෙන්න ඕනෙත් නෑ, ඒ වගේම කිසි කෙනෙක් මේකෙන් යවලා අපට ජයග්‍රහණයකුත් නෑ. අතේ ඉන්න කුරුල්ලා රැකගෙන තමයි අත්තේ ඉන්න කුරුල්ලාට අත දික් කරගන්න ඕනෙ.
ඊයෙ මං දැක්කා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කියනවා අපේ කණ්ඩායමේ අයටත් අනවශ්‍ය ප්‍රකාශ කරන්න එපා කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමාටත් ගෝරි දාගන්නෙ නැතුව ඉන්න කියලාත් කියනවා මං දැක්කා”
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මේ බව පැවසුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.