අතේ ඇති මුදලට මිලට ගන්න අරක්කු ෂැශේ පැකට් එයි! පාසල් ළමුන්ට කලිසම් සාක්කුවේ ගෙන යා හැකි හුරුබුහුටි මාදිලියෙන්!

February 28, 2020 at 12:48 pm | by emanisa.lk

මේ වන විට මද්‍යසාර ප්‍රචලිත කිරීම සඳහා සිදුකරන සැලසුමක් පිළිබඳ සිංහලේ සංවිධානය මගින් නිකුත් කර ඇති නිවේදනයක් පහත දැක්වෙයි.

…..කුප්පි එක්ක ඩප්පි වෙළදපලට….

එක්සත් ජාතික පක්ෂයට කෙලින්ම සම්බන්ධ සමාගම් කිහිපයක් විසින් සුරාබදු නීති පයිසයකට මායිම් නොකරමින් කටයුතු කරමින් සිටි. මුදල් අමාත්යංශය පමණක් නොව ශ්‍රී ලංකා මහා බැංකුවද සම්පුර්ණයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මහසෝනන් ඔඩ්ඩි යකුන් හා මල පෙරේතයන් මේ වන විටත් රටේ සම්පුර්ණ මුල්‍ය පද්ධතියම හසුරුවන තත්වයකට පත්ව සිටීම ඉතාමත්න්ම අවාසනාවන්ත තත්වයකි .

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුහසින් අභිශේස් ලද ආයතන කිහිපයක් ඉදිරි මහමැතිවරණය සදහා මුදල් සොයා ගැනීම පිණිස රටේ මද්‍යසාර වෙළඳපොළ උඩු යටිකුරු කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතවෙමින් කටයුතු කරයි . එහි අනීතික පියවරයන් පිලිබදව ඔබට ලිපි ලේඛන සහිතව ඔප්පු කිරීමට අප කටයුතු සුදානම් කරමින් පසුවෙමු .

මෙතෙක් කාලේ විදුරු බෝතල් මගින් අරක්කු සමාගම්වලට හසුවුවන් සඳහා අරක්කු අලෙවියේ නිරත වූ සමාගම් මේ වනවිට වෙළඳෙපොළ විවිධාන්ගිකරණය සදහා අරක්කු කුප්පි ඩප්පි දක්වා වෙනස් කිරීමට වගබලාගෙන ඇත . 180ml පමණ කුඩා ෂැශේ පැකට්ටුවලින් වෙළඳපපොළ ප්‍රතිනිර්මාණයට සියලු දේ සුදානම් කර ඇති මෙම එක්සත් ජාතික පක්ෂ ව්‍යාපාරිකයා පසුගිය සමයේ සකේ නමැති මද්‍යසාරය නිෂ්පාදනය කිරීමට ගොස් පාඩු ලැබූ අයෙක් උවත් මෙවර සශේ ඩප්පි තුලින් නම් ජයගනු නිසැකය.

නව රජයේ මද්‍යසාර ප්‍රතිපත්තිය හේතුවෙන් මද්‍යසාර ලබාගැනීමේ පහසුව හා සුලබතාව මෙන්ම එහා මෙහා ගෙනයාමට වඩා වැඩි අවස්තාවන් උදාවීම පමණක් නොව එකවර මද්‍යසාර සාන්ද්‍රණය 40% සහිත අරක්කු මිලිලීටර 180 ක් පමණ ප්‍රමාණයක් එකවර ශරීර ගත කරගැනීමට හැකිවීමත් මෙම ක්‍රමය මගින් අරක්කු භාවිතයට හුරුවූ අසරණ ජනයාට ඉඩ අවස්තාව සැලසේ .

එපමණක් නොව අරක්කු සැර බාල කිරීමට යොදා ගන්නා ද්‍රාවනයන් එක්කිරීමට ඇති අවස්තාවන් ගිලිහියාමෙන් සම්පුර්ණ ඇල්කොහොල් ප්‍රමාණයක් අඩුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය පසුබිමද මෙමගින් සැලසෙයි. දැනට වෙළඳපොළේ ඇති මිලිලීටර 250 අරක්කු විදුරු බෝතල් පමණක් නොව මිලිලීටර 330 බියර් ටින්ද නිෂ්පාදනයට ඉදිරිපත් කිරීම තහනමට ලක්විය යුතු බවට සිංහලේ සංවිධානය විසින් මේ වනවිටත් වගකිවයුතු පාර්ශව වෙත දැනුම්වත් කර ඇත්තෙමු .

ඩප්පි අරක්කු හේතුවෙන් පාසල් දරුවන් අතර අරක්කු භාවිතය නිසැකයෙන්ම ඉහල යන අතර ක්‍රීඩා තරග තුල සිදුවන මද්‍යසාර ප්‍රචණ්ඩත්වය කෙරේ මෙම නිෂ්පාදනය නරක ආකාරයක බලපෑමක් එල්ල කරයි. ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත බිග් මැච් ආශ්‍රිතව මෙම නිෂ්පාදනය සීග්‍රයෙන් අලෙවිය සදහා ඉදිරිපත් කිරීමට කූට වෙළඳුන් සියලු උපක්‍රම පිළිබදව මේ දිනවල සාකච්ඡා අරඹා ඇත .

පාසල් දරුවන්ගේ කලිසම් සාකුවේ පහසුවෙන් රදවා ගත හැකි පරිදි මෙහි ඇසුරුම සම්පුර්ණයෙන් සකසා ඇති අතර විවිධ වර්ණ සහ රස ආශ්‍රිතව තාරුණ්‍යයේ කෙළිලොල් බව සමග මුසුකර වෙළඳ සන්නාම හා වර්ණ මේ සඳහා යොදාගෙන ඇත. මේ නිෂ්පාදනය පිළිබඳව බලධාරීන් මුනිවත රකිමින් ක්‍රියාකරන අකාරය දෙස අපි පිළිකුලෙන් යුතුව බලා සිටින අතර සංවිධානයක් ලෙස අදාළ නිෂ්පාදකයන් පිටුපස සිටින මංගල සමරවීරටත් එක්සත් ජාතික පක්ෂයටත් කියා සිටින්නේ හැකි නම් අදාළ සැශේ ඩප්පිය වෙළඳපොලට නිකුත්කර පෙන්වන ලෙසයි.

ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස