අතීකාල තෙල් බෙදීම් නතර කළැයි ඛනිජ තෙල් සේවක වර්ජනයක්….! තෙල් හිඟයක් පිළිබඳ අනතුරු ඇඟවීම්…!

September 11, 2021 at 4:46 pm | by emanisa.lk

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙරට තුළ තෙල් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති සුමිත් විජේසිංහ පවසයි.

පාලන අධිකාරිය විසින් බෙදාහැරීම් කටයුතු සෙනසුරාදා දිනයේ දී නැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් එම වැඩවර්ජනය ආරම්භ කර ඇති අතරමේ හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ සිට ඉන්ධන බෙදා හැරීම නැවතී ඇති බව වාර්තා වේ.

සෙනසුරාදා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නැවැත්වීමට කළමනාකාරීත්වය තීරණය කිරීමට වෘත්තීය සමිති විරෝධය පළ කිරීම සේවක ප්‍රශ්නයක් බවත් එය විසඳීමට අවශ්‍ය පහසුකම් ඉදිරියේ දී ගන්නා බවත් ඔහු පවසයි.

මේ හේතුවෙන් ඉදිරියේ දී තෙල් හිඟයක් රට තුළ තෙල් හිඟයක් ඇති වන බව වාණිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන්කුමාර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *