අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා අද සිට ඉවත් කරනවා…! – මහ බැංකු අධිපති….

October 1, 2021 at 12:01 pm | by emanisa.lk

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේ දී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.

ඊළඟ මාස 6 තුළ දී පරාටේ ගිවිසුම හරහා දේපළ පවරා ගැනීම නොකර සිටින ලෙස සියලු බැංකුවලට දැනුම් දුන් බවය.

මේ අතර වාහන නැවත පවරා ගැනීම අත්හිටුවන ලෙස ද බැංකුවලට උපදෙස් ලබා දුන් බව අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය. මේ වන විට මෙරට විදේශ සංචිත ඇ. බිලියන 05 දක්වා ඉහළ ගොස් ඇති බව ද හෙතෙම අනාවරණය කරයි.

මේ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැරණි ණය සහ ණය පොළිය සදහා සහනයක් ලබාදීම සඳහා මහ බැංකුවෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙනකර ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *