ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් විසින් දුන් ඇතැම් පොරොන්දු ඉටු නොවීම නිසා සිදුවීමට ගිය ප්‍රබල පක්ෂ මාරුවීම් රැසක් මේ වන විට නැවතී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එසේ ම මේ වන විට විවිධ ප්‍රතිලාභ සහ පොරොන්දු මත පක්ෂ මාරු කිරීම් සිදු කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නිශ්ශබ්දව සිටින අතර නැවත පැරණි කණ්ඩායම වෙත එකතු වීමට උත්සාහ දරමින් සිටිති.
පක්ෂ මාරු කිරීම සඳහා එකඟ වූ ඇතැම් මන්ත්‍රීවරුන් දුරකථන අංක පවා වෙනස් කර ඇති බව දැන ගන්නට ඇත. මේ අතර නැවත දේශපාලනය නොකිරීමට බහුතර පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව දැන ගන්නට තිබේ.