අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමත් සමග රාජිතට හෘදයාබාධයක්! වහාම රෝහල්ගත කෙරේ!

December 25, 2019 at 9:13 am | by emanisa.lk

හදිසි හෘද්‍යාබාධයක් හට ගැනීමෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රෝහල් ගත කර තිබේ.

ඊයේ සවස ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් නියෝගයක් නිකුත් කළේ අධිකරණය මගින් වරෙන්තුවක් ලබා ගැනීමෙන් පසුය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් අධිකරණය හමුවේ කියා සිටියේ ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන්න දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් දෙදෙනෙකු යොදවාගෙන හිටපු ඇමති රාජිත සේනාරත්න විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බවය.

ඒ හරහා හිටපු ඇමතිවරයා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස