රථවාහන පොලිස් නිලධාරියෙකු විසින් මඩකළපුව එරාවූර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දී තිබේ.
එම පහරදීම පෙරේදා(21) රාත්‍රියේ මඩකළපුව එරාවූර් කලපුව පාරේ ආහාර වෙළෙඳසැලක් ඉදිරිපිටදී සිදුව ඇත.
රිය අනතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කර ඇති අතර එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණ ද එය නොතකා යතුරුපැදිකරු මඩකලපුව එරාවූර් කළපුව පාර පටු මාවත ඔස්සේ අධික වේගයෙන් ධාවනය කර ඇත.
පසුව නිලධාරීන් එම යතුරුපැදිය හඹා ගොස් ඇති අතර ආහාර අලෙවිසැලක් අසල නවතා තිබිය දී යතුරුපැදිය සොයාගෙන තිබෙන අතර එම අවස්ථාවේදි මෙම පහරදීම සිදු කර තිබේ.
මේ වන විට තරුණයින්ට පහර දුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.