අඩු කුළේ එකෙක් රජ වුණොත් මුළු රටම විනාශ වෙනවා..! – සමන්තභද්‍ර හිමි…

June 9, 2024 at 11:30 am | by emanisa.lk

අඩු කුළේ මිනිහෙක් රජ වුවහොත් ග්‍රාමසේවකයෙකු රට වූ කලක මෙන් මුළු රට ම විනාශ වන බව සමන්තභද්‍ර හිමි පවසයි.

අඩු කුළේ මිනිහෙක් රජ වුවහොත් ඔහුට නින්දා කළ ගැරහුම් කළ බොහෝ පාර්ශ්වලට පිළිතුරු දීමට මිස රටේ දියුණුවට වැඩ කිරීමට කාලයක් නැති බව ද එහිමියන් සඳහන් කරයි.

රාජ්‍යත්වයට පත්විය යුත්තේ රජ කුළේ අයකු බවත් ඉතිහාසය කියවා මේ පිළිබඳ ජනතාව අවබෝධ කරගත යුතු බව ද සමන්තභද්‍ර හිමි කීය.

මේ නිසා ම අඩු කුළේ අයකුට නිවන් දැකීම පවා අපහසු බවත් සියල්ල ඇති අයකුට කෙතරම් ලැබුණ ද ඔහුට ක්ෂණික සියල්ල අතහැර දැමිය හැකි බවත් එහිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *