අඩවි වන නිලධාරිනී දේවානි ජනතා හූ හඬ මැද පළා යයි….!

July 17, 2021 at 10:55 pm | by emanisa.lk

ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලකට මීගමුව ප්‍රදේශයේ ජනතාව විරෝධය පළකර තිබේ.

මීගමුව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ව්‍යාපාරිකයෙකු හොටලයක් ඉදිකරන බවට සහ දේවානි ජයතිලක ද ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවට ජනතාව චෝදනා කළේය.

අදාළ ස්ථානය නිරීක්ෂණය සඳහා ඇමැති ඩග්ලස් දේවානන්ද පැමිණි අවස්ථාවේ මෙය සිදුවිය.

ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් නොකර දේවානි ජයතිලක සිය නිල රථයේ නැඟී ගිය අතර ජනතාව හූ කියා විරෝධය පළකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *