අජිත් නිවාඩ් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වෙයි…! අලුත් පිම්මකට සූදානම්…!

September 7, 2021 at 7:51 am | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඔහු මෙලෙස ඉල්ලා අස්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය භාර ගන්නා ලෙස රජය සිදුකළ ඉල්ලීමක් අනුව ය. 2006-2014 කාලයේ ද මහ බැංකු අධිපති ධූරය හෙබවූයේ කබ්රාල් ය.

වර්තමාන මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා පත් කරනු ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *