අගෝස්තු 05 මන්ත්‍රී වෙලා මහවැලි ගඟ මුහුදට වැටෙන එක නතර කරනවා!- මෛත්‍රී

July 19, 2020 at 3:22 pm | by emanisa.lk

අගෝස්තු 05 මැතිවරණයට තමා ඉදිරිපත් වන්නේ ජනාධිපති අගමැති වීමට නොව මන්ත්‍රීවරයකු වී පොළොන්නරුවට පමණක් සේවය කිරීමට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මහවැලි ජලාශවල දියෙන් අනාගතයේ පොළොන්නරුවේ කන්න තුනක් වගා කිරීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.

මහවැලි මහ ජලාශවල වතුර ආපසු මහවැලි ගඟට වැටී නැවතත් මුහුදට වැටෙන එක නතර කරන බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පොළොන්නරුවේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස