අගමැති සිව් වන කර්මාන්ත විප්ලවයත් අරඹන්න සූදානම්!

April 4, 2019 at 6:57 pm | by admin

ලොව අනෙකුත් රටවල් මෙන් දියුණු වී ඉදිරියට යාමට නම් 4 වන කර්මාන්ත විප්ලවය ඇරඹිය යුතු බවත්, ඊට උවමනා විශේෂඥ දැනුම ලබාදී එය ජය ගැනීමට හැකි වන පරිදි මෙරට විශ්වවිද්‍යාල හා පශ්චාත් උපාධි අංශ දියුණු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (04) කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඩිජිටල් තරඟයට ලක්ව ඇති ලෝකය සමඟ ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකි වන ආකාරයට ඉදිරි වසර 5ක් සඳහා දිගු කාලීන සැලැස්මක් අප ඇති කරගත යුතු බව ද අගමැති වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස