අගමැති සමග ඉන්දීයාවට ගියේ අත්‍යවශ්‍ය පිරිස විතරයි! මම ගියේ කැලණිය ප්‍රදේශයට නිවාස ව්‍යාපෘතියක් ගන්න! – ප්‍රසන්න රණවීර

February 14, 2020 at 6:02 pm | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරයට තමන් සහභාගී වූයේ කැලණිය ප්‍රදේශයට නිවාස ව්‍යාපෘතියක් ලබා ගැනී ගැන සාකච්ඡා කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසයි.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ අවධානය තමන් විසින් යොමු කළ බව ද ඔහු සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂගේ එම සංචාරයට එක් කර ගනු ලැබුවේ අත්‍යවශ්‍යම සහ විශ්වාසවන්තම පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසයි.

අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී වෙන කිසි දිනෙක නොතිබූ තරම් පිළිගැනීමක් තිබූ බවද ඔහුගේ මෙම සංචාරයේදී රටට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබුණු බවද ඔහු තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස