අගමැති වේදිකාවට නැග්ග හාමුදුරුවෝ ත්‍රස්තවාදියෙක්! වේදිකාවේ මට බැණ වැදීම නිසා මුළු පළාතම කම්පා වෙලා! – ජගත් පුෂ්පකුමාර

July 20, 2020 at 11:46 pm | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ සහභාගී වන ජනහමුවක් ඇමතීට තමා ගිය අවස්ථාවේ ත්‍රස්තවාදී කණ්ඩායමක් වේදිකාවට නැඟීම බරපතළ තත්ත්වයක් බව හිටපු ඇමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ජගත් පුෂ්පකුමාර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ‍සෙවනගල ඔහු පැමිණි ජනහමුවක වේදිකාවට බලෙන් නැඟුණු භික්ෂූන් වහන්සේ නමක් විරෝධය පෑම පිළිබඳ අද (20) මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වේදිකාවට නැඟී කරුණු ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේ රජයේ නිලධාරියකු බවත් රජයේ නිලධාරීන්ට දේශපාලනය නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ස්වාමීන් වහන්සේගේ හැසිරීම සම්බන්ධව ප්‍රදේශයම කම්පාවට පත්ව ඇති බවත් හිටපු ඇමතිවරයා අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *