අගමැති වෙලා බොත්තම ඔබල රටේම සංවර්ධනය දැනගන්න ක්‍රමවේදයක් හදනවා! – සජිත්

July 22, 2020 at 8:16 am | by emanisa.lk

බොත්තමක් එබීමෙන් පසු රටේ ගම් 52 000ක සිදුවන සංවර්ධනය එක් මොහොතකින් දැන ගැනීමට හැකිවන ආකාරයේ නවීන සැලැස්මක් තමන්ගේ ජයග්‍රහණයෙන් පසු ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආර්ථිකය යහපත් වන තුරු පවුලකට රු. 20 000 බැගින් ලබා දෙන ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් හැම ගමකම සෞභාග්‍ය උදෙසා මෙම කටයුතු කරගෙන යන විට ඊර්ෂ්‍යාකාරයින් බොහොම වැඩි බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ අදහස්ඇ පළකලේ ඇහැලියගොඩ නගරයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා මෙම ජනහමුව පැවැත්එවිණි. එම පක්‍ෂයේ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස