අගමැති වටේ ඉන්නේ විකෘති කල්ලියක්! විකෘතිය නීතිගත නොකළ නිසා මා එක්ක වෛරයි! – විජේදාස

July 4, 2019 at 12:32 pm | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ වටා සිටින්නේ පිරිමි ගණාකා කල්ලියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විේදාස රාජරපක්ෂ පවසයි.

“අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වටේ සමීපව ඉන්නේ විකෘති කල්ලියක්. ඒක හංගන්න දෙයක් නෙමෙයි මම ඒක විවෘතව කියනවා.”

“අගමැති වටේ ඉන්නේ පිරිමි ගණිකා සංගමයක්. ඒ සංගමයේ කෙනෙකුට තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පුටුවක තනතුරක් දෙන්නේ. වැදගත් ඇමතිකමක් දෙන්නේ. ඔය ඉන්නේ පරණ ඇමතිවරුන්ට බෝඩ් ලෑලි දීලා තිබෙනවා.”

“පිරිමි ගණිකා වෘත්තිය අපේ රටේ නීතියට පටහැනි දෙයක්. ඒ නිසා එයට එරෙහිව කතා කරන්න අපිට අයිතිය තියෙනවා. පිරිමි ගණිකා වෘත්තිය නීතියානුකූල කරන්න විසි තිස් වතාවක් පනත් කෙටුම්පත් මට එව්වා.”

“මම ඒවා කුණු කූඩයට දාලා අගමැතිගේ සහ එවකට විදේශ කටයුතු ඇමතිව සිටි මංගල සමරවීරගේ මුණටම කිව්වා කීයටවත් මම ඕක කරන්නේ නැහැ කියලා. ඒ අයට මා කෙරෙහි වෛරයක් ද්වේෂයක් ඇති කර ගන්න ඒකත් හේතු වුණා.”

ඒෂියන්මිරර් වෙබ් අඩවිය සමග සංවාදයකට එක්වෙමින් හෙතෙම ේ බව සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *