අගමැති රනිල් හදිසියේම සජිත් කැඳවයි! සියල්ල අතහැර සජිත් හවසම කොළඹ දුවයි!

August 29, 2019 at 11:39 pm | by emanisa.lk

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් තමා හදිසියේ ම අග‍්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව පවසමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇඹිලිපිටිය, සංඛපාල රජමහා විහාරසථානයේ පැවති උත්සවයක් අතරතුර කොළඹ බලා පිටත්විය.

ඒ න්‍යාය පත්‍රය වෙනස් කර සිය කතාව ඉදිරියට ගනිමිනි.

‘මට දැන් අගමැතිතුමා හදිසි කැඳවීමක් කරලා තියනවා. අග‍්‍රාමාත්‍ය කාර්යාලයට එන්න කියලා . ඒ නිසා උත්සවයේ න්‍යාය පත‍්‍රය හදිසියේ වෙනස් කරලා මගේ කතාව මුලට දාගන්න සිදුවුණා. න්‍යාය පත‍්‍රය වෙනස් කළාට මට හැම දෙනාම සමාවෙන්න.’

රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන මහතා උත්සවය සංවිධානය කර තිබූ අතර ශ‍්‍රී සංඛපාල විහාරස්ථානයේ භාරකාර කොකාවල කෝසල හිමි ඇතුළු මහා සංඝරත්නය, සිරිපාල කිරිඇල්ල, පී.අබේනායක, බී.ආරියවංශ යන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු සහ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාවේ සහ ප‍්‍රාදේශීය සභාවේ සභිකයන් ඇතුළු පාක්‍ෂිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස