සමාජජාලා අවුළමින් අගමැති රනිල් ප්‍රථම වරට අවුරුදු සිරිතට ළිප ගිනි මොළවයි!

April 14, 2019 at 6:30 pm | by admin

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් අනුව ළිපගිනි මොළවන ඡායාරූප ෆේස්බුක්හි වේගයෙන් සංසරණය වෙයි. මෙයට බොහෝ අවුරුදු සමයේ විදේශ සංචාරවල නිරත වූ අගමැතිවරයා මේ ආකාරයට අවුරුදු සමයේ ලංකාවේ රැඳී අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම බොහෝ දෙනාගේ කතාබටහ ලක්ව තිබේ. මෙම ළිපගිනි මෙළවීම ඉතාම සරල ලෙස පැවැත්වීම ද විශේෂත්වයකි.

අගමැතිවරයා අවුරුදු නැකැත් කෙටි පණිඩිව ලෙස ජංගම දුරකතන වෙත යැවීමට ද කටයුතු කළේය. මේ ආකාරයට අගමැති රනිල් සංස්කෘතික උත්සවවලට සහභාගී වීම සහ ඒ කෙරෙහි උනන්දුවක් දැක්වීම බොහෝ දෙනාගේ කුතුහලයට මෙන්ම අත්ප්‍රාසයට ද හේතු වී තිබේ. ඒ ඔහු ලිබරල් දක්ෂිණාංශික මත දරන්නකු සහ ජ්‍යෝතිෂය ආදිය මිත්‍යා ලෙස බැහැර කරන පුද්ගලයකු ලෙස ප්‍රකට වී තිබීම නිසාය.

ෆේස්බුක්හි සමහරු පවසා සිටින්නේ එළඹෙන ජනාධිපතිවරණයේ දී සිංහල ජනතාව රැවටීමේ අරමුණින් අගමැතිවරයා මෙවැනි කටයුතුවල නිරත වන බවය. නායකයන් ජනතාව අතර ප්‍රවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තු භාරගන්නා ජාත්‍යන්තර ප්‍රචාරණ සමාගම්වල විශේෂඥයන් මෙවැනි කටයුතුවලට උපදෙස් ලබා දෙන බව ප්‍රකටය.

එළඹෙන ජනාධිපතිවරණයේ දී එජාපයට සුළු වාර්ගික ඡන්ද 80%ක් ලබා ගත හැකි බවත් අභියෝගය වන්නේ සිංහල ඡන්ද 40%ක් ලබා ගැනීම බවත් අමාත්‍ය නවීන් දිසානායක පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස