අගමැති රනිල්ට ඇමරිකා සහ ඉන්දියානු සහයෝගය පළකරයි…!

May 12, 2022 at 10:24 pm | by emanisa.lk

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ  සමග වැඩ කිරීමට ඇමරිකාව  සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම සහ සියල්ලන් ඇතුළත් කර කඩිනමින් ආණ්ඩුවක් පිහිටුවීම අර්බුදය විසඳීමට සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ පළමු පියවර බවද ඇය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුවන ගනුදෙනු යථාවාදී ලෙස සිදුකර ලාංකිකයන් මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම සිදුකරන බවටද ජූලි චන්ග් සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.

ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද නව අගමැතිවරයාට සුබ පැතුම් එකතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස