අගමැති මහින්ද -රනිල් හමුවක්…! අනුරගෙන් රනිල්ට සුබ පැතුම්….!

June 24, 2021 at 2:37 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිණ.

මෙම හමුව සිදුවූයේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී ප්‍රථම කතාව පැවැත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ ලොබියට පැමිණි අවස්ථාවේදීය.

යළි පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව රනිල් වික්‍රමසිංහට එහි දී මහින්ද රාජපක්ෂ උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.

අග්‍රාමාත්‍යවරයාට අමතරව රාජකීය විද්‍යාලයේ රනිල් වික්‍රමසිංහගේ සමකාලීන මිත්‍රයකු වූ සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එජාප නායකයාට සුබ පැතුම් එක්කර තිබේ.

ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්, සමගි ජනබලවේගයේ කුමාර වෙල්ගම, ගයන්ත කරුණාතිලක සහ හරීන් ප්‍රනාන්දු ද පාර්ලිමේන්තු විපක්ෂ පැත්තේ අසුන්ගෙන සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ද රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *