අගමැති මහින්ද නිහඬයි…! ආණ්ඩුව ගැන රට ම කලකිරිලා….! ජනතාව එක්ක තීන්දුවක් ගන්න කාලේ හරි…!

August 11, 2021 at 9:11 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂගේ තූෂ්නීම්භූතභාවය කිසිසේත් පිළිගත නොහැකි බව නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

මෙසේ නිහඬව සිටියහොත් මහින්ද රාජපක්ෂ වටා සිටින ජනතාව ඈත්වනු ඇති බවත් රාජපක්ෂලාට අනාගතයක් නොමැති බවත් එහිමියෝ පෙන්වා දෙති.

විශේෂඥ වෛද්‍යවරුන් මෙහෙකාරයින් මට්ටමට පත්ව ඇති බවත් කේවට්ටයින්ගේ උපදෙස් මත පාලකයින් කටයුතු කරමින් සිටින බවත් ආනන්ද හිමි සඳහන් කරයි.

ජනතාව, රාජ්‍ය සේවකයින් මෙන් ම මහා සංඝ රත්නය ද කලකිරීමට පත්ව ඇති බවත් ජනතාව සමඟ එකතු වී රට වෙනුවෙන් තීන්දුවක් ගැනීමට කාලය එළඹ ඇති බවත් එහිමියෝ වැඩි දුරටත් අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස