අගමැතිවරයා ලෙස වගකීම් භාර ගෙන පිරිසිදු පාලනයක් ගෙන යාමට තමන් අද දිනයේත් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා ඊයේ (25) කොළඹ දී මේ බව ප්‍රකාශ කළේය.
බලය වෙනුවෙන් තමන් කිසි විටකත් ප්‍රතිපත්ති පාවා දීමට සූදානම් නොවන බැවින් විධායක ජනාධිපති ධුරය මෙන්න විධායක අගමැතිවරයෙකු නිර්මාණය නොවන පිරිසුදු විසිඑක්වන සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කර ගෙන රටේ වගකීම භාර ගැනීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ප්‍රකාශ කළේය.
මහබැංකු හොරු සිටින ආණ්ඩුවකට හොරු අල්ලන්න හැකි දැයි තමන් ප්‍රශ්න කර සිටින බවත් සජිත් ප්‍රේමදාස එහි දී කීවේය.
ජනතාවගේ ජීවිතත් සමග තව දුරටත් සෙල්ලම් නොකර වගකීම් සහගතව කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් තමන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා තව දුරටත් කීවේය.