ගෝඨාගේ කතාව විකෘති කිරීම අතේ පත්තු වෙයි! අගමැති පණ පිහිටුවා බොරු කියන හැටි බුකිය කළඹයි! (video)

August 14, 2019 at 6:35 pm | by emanisa.lk

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ උළෙලේ දී ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළ ගෝඨාභය රාජපක්ෂ විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළ ඉතාම සාරගර්භ දේශනයක් කළේය.

එය මෑත කාලයේ ජනාධිපති අපේක්ෂකයකු කළ හොඳම දේශනය ලෙස බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්විය. කෙසේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ එම කතාවෙන් වාක්‍යයක් විකෘති කර කොළයක ලියා එජාප ජන හමුවක පවසා සම්ච්චලයට නැඟීමට උත්සාහ කළේය.

එහිදී පාක්ෂිකයකු අපට සිනාසීමට උවමනා නැති බවත් පක්ෂයෙන් කොන්ද පණ ඇති ජනාධිපති අපේක්ෂකයකු නම් කරන ලෙසත් කෑ ගසා ඉල්ලා සිටීම නිසා අගමැතිවරයා අපහසුතාවට පත් විය.

කෙසේ වුවද දැන් ගෝඨාභය එදා සිදුකළ කතාවේ කොටස සහ අගමැති රනිල් එය විකෘති කර කී ආකාරය දැක්වෙන කොටස අන්තර්ජාලයට එකතු කර තිබේ.

මේ නිසා සමාජජාලවල ක්‍රියාකාරී එජාප සාමාජිකයන් බෙහෙවින් අපහසුතාවට පත්ව ඇති අයුරු දැකගත හැකිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස