අගමැති නම විකුණු ව්‍යාපාරික මිතුරාට වැඩ වරදී…! දොස් මුරයක් තබා අගමැති නිවසින් පන්නා දමයි..! නැවත වැද්ද නොගන්නා ලෙස නියෝග..!

December 30, 2020 at 12:41 pm | by emanisa.lk

පසුගිය අයවැය සමයේදී සිගරට් තොග ගණනින් රැස්කළ බවට වාර්තාවූ ව්‍යාපාරිකයකු මින් ඉදිරියට විජේරාම අගමැති නිල නිවසට වැද්ද නොගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ සිය ආරක්ෂක බලධාරීන්ට උපදෙස් දී ඇතැයි
වාර්තා වේ.

ඒ ඔහු අගමැතිවරයාගේ නම අයථා ලෙස භාවිත කර ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබාගැනීමට කටයුතු කර තිබීමත්, අයවැය රහස් තමා දන්නා බවට හඟවමින් කටයුතු කර ඇතැයි වාර්තා වීමත් නිසා ය.

සිය සමීපතමයෙකු වන මෙම ව්‍යාපාරිකයා පසුගිය දා කැඳවා ඇති අගමැතිවරයා ඔහු වෙත බරපතළ දෝෂාරෝපණයක් එල්ල කර ඇති අතර නිදහසට කරුණු කීමට සූදානම් වූ අවස්ථාවේ අගමැති නිවසින් පන්නා දමා ඇතැයි වාර්තා වේ.

මින්පසු අදාළ ව්‍යාපාරිකයා විජේරාම නිවාස පැත්ත පළාතකට වැද්ද නොගන්නැයි ආරක්ෂා අංශ බලධාරීන්ට නියෝගකර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම ව්‍යාපාරිකයා ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාර හිමියෙකු බව ද වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස