අගමැති අතිරේක ලේකම්ට කොරෝනා….! ප්‍රධාන සංවිධායක කාර්යාලය වසයි….! කාර්ය මණ්ඩලය නිරෝධායනයට….!

January 14, 2021 at 12:27 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකු මෙන්ම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා ද වන නීතිඥ චමින්ද කුලරත්නටද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව පාර්ලිමේන්තු ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය ඊයේ (13) සම්පූර්ණයෙන් ම වසා දමනු ලැබීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) සවස පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීම ද මේ තත්ත්වය හේතුවෙන් ලබන සඳුදා (18) තෙක් කල්දමා තිබේ.

එම කාර්යාලයේ සියලුම සේවකයන් නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් පීසීආර් පරීක්ෂාවලට ද ඊයේ (13) යොමු කරන තිබේ.

පවතින තත්ත්වය හේතුවෙන් බාහිර අමුත්තන්ට අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීම තහනම් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 19 වැනිදාට කල් තබා තිබෙන හෙයින් එදිනට එය අනිවාර්යෙන්ම රැස්විය යුතු බවත් 19 වැනිදා පාර්ලිමේන්තුව රැස්ව එම සතියේ සෙසු රැස්වීම් වාර අවලංගු කිරීමටද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස