එළඹෙන අගෝස්තු 5 වෙනිදා මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු රූ 12ට සොයිසාපුරට පැමිණ පිරිසිදුකම සොයා බලන බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එසේම උදේ 3ට 4ට වෙනත් වෙනත් ප්‍රදේශවලට ද ගොස් කටයුතු නිසි ලෙස සිදුවන්නේ දැයි සොයා බලන බව ද ඔහු සඳහන් කළේය.
නායකයාගේ ආදර්ශය අනුව අනුගාමිකයන්ට ද ඒ අනුව කටයුතු කිරීමට සිදුවන බව හිටපු විපක්ෂ නායකවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.
සමගි ජන බලවේගයේ ජනහමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.